Lesson Progress
0% Complete
දිලීර
- දිලීර ඉයුකැරියෝටාවෝ ය.
- දිලීර පෘථිවිය මත සිටින ප්‍රධාන වියෝජකයන් වේ.
දිලීර වල රූපීය විවිධත්වය
යීස්ට් -ඒකසෛලික දිලීර
ඇස්පර්ගිලස් – බහුසෛලික සූත්‍රිකාකාර දිලීර ආකාරයක්
බැසිඩියෝමයිකොටා වංශය මෙවැනි බිම්මල් සාදයි
ආවාර සහිත දිලීර ජාලයක් – පෙනිසීලියිම්
ආවාර රහිත දිලීර ජාලයක් -රයිසෝපස්
- ඒකසෛලික හෝ බහුසෛලික (පුස්) විය හැකිය.
- සමහර බහුසෛලික දිලීර බිම්මල්/හතු සාදයි.
- පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දෘශ්‍යමාන දිගටි සූත්‍රිකාවලින් සමන්විත වූ මයිසිලියම් හෙවත් දිලීර ජාලය ඇති කරයි.
දිලීර ජාලයක සැබෑ ස්වරූපය
- බොහෝ පුස් වර්ගවල ආවාර ලෙස හැඳින්වෙන හරස් බිත්ති ඇත. ආවාර මඟින් සූත්‍රිකා කැපී පෙනෙන ඒකන්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදයි.
- සමහර පුස් වර්ග ආවාර නොදරන අතර එමගින් න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් දරන දිගු අඛණ්ඩ සෛල නිපදවයි. ඒවා සංසෛලික සූත්‍රිකා ලෙස හඳුන්වයි.
- පාන් හා පලතුරු මත ඇති වන පුලුන් ආකාර වර්ධනයන් ඇති කරන්නේ පුස් වර්ගවල මයිසිලියම් මගිනි.
දිලීර වල පෝෂණය
- දිලීර රසායනික විෂමපෝෂීන් වන අතර අවශෝෂණය මඟින් ආහාර ලබා ගනියි.
- දේහයට පිටතින් වන පෝෂක ද්‍රව්‍ය කෙලින්ම අවශෝෂණය කර ගනු ලබන්නේ දිලීර මගින් නිපදවෙන බහිස්ඃසෛලීය එන්සයිම මඟින් ඒවා ජීරණය කල පසුවය.
- ඔවුන් සාමාන්‍යයෙන් මෘතෝපජීවි පෝෂණ ක්‍රමයක් පෙන්වයි. දිලීර එන්සයිම් ශ්‍රාවය කර මිය ගිය ශාක හා සත්ත්ව ද්‍රව්‍ය වියෝජනය කරමින් ආහාර දාමවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, එමඟින් ඉතා වැදගත් ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිදු කරයි.
- පරපෝෂි (ශාක හා සත්ත්ව ව්‍යාධිජනක) හා අන්‍යොන්‍යාධාර (ලයිකන හා දිලීරකමූල) වැනි පෝෂණ ආකාර දිලීර අතර පවතී.
පරපෝෂී දිලීරයකින් හානි වූ ශාක පත්‍රයක්
පරපෝෂී දිලීරයක් ආසාදනය වූ කුහුඹුවෙක්
ලයිකන : දිලීර + හරිත ඇල්ගී / සයනොබැක්ටීරියා සහජීවී සංගමයකි
දිලීර වල ප්‍රජනනය
- ඒකසෛලික දිලීර ඛණ්ඩනය හා අංකුරණය මඟින් අලිංගිකව ප්‍රජනනය සිදු කරයි.
- සූත්‍රිකාකාර දිලීර (පුස් වර්ග) බීජාණු නිපදවමින් අලිංගිකව හා/ හෝ ලිංගිකව ප්‍රජනනය සිදු කරයි. (සූත්‍රිකාකාර දිලීර ජාල බීජාණු සාදන ආකාරය කලින් රූපසටහන් වලින් පෙන්වා ඇත.)