Lesson Progress
0% Complete
මොලිකියුටයින්
දර්ශීය මොලිකියුටා සෛලයක් (මතක තබා ගැනීම අනවශ්‍යයි.)
සූත්‍රිකාකාර මොලිකියුටා ආකාරයක්
ගෝලාකාර මොලිකියුටා ආකාරයක්
සර්පිලාකාර මොලිකියුටා ආකාරයක් (Spiroplasmas)
- බැක්ටීරියා අධිරාජධානියට අයත් ප්‍රාග්න්‍යෂ්ටිකයන් වෙති.
- සෛල බිත්ති නොමැති වීම මොවුන්ගේ සුවිශේෂ ලක්ෂණයකි.
- මයිකොප්ලාස්මාවන් හා ෆයිටොප්ලාස්මාවන් යනු මොලිකියුටා ආකාර දෙකකි.
මයිකොප්ලාස්මාවෝ
- මොවුන් බහුරූපීය වේ, ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වෙති.
- ඔවුහු කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය වෙති.
- ඔවුන් ආලෝක අණ්වීක්ෂය භාවිතයෙන් නිරීක්ෂණය කළ නොහැකි ය.
- මයිකොප්ලාස්මාවෝ කෂිකා නොදරති. මයිකොප්ලාස්මාවෝ සියල්ලක්ම පාහේ මානවයා හා සතුන්ගේ පරපෝෂිතයෝ වෙති.
- ඔවුන්ට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍ය වෙයි.
මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG – Mycoplasma genitalium)
- මෙම ජීවීයා නිසා හටගන්නා රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ යෝනිය ආශ්රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී.
ප්‍රජනනය
- ඔවුන් අංකුරනයෙන් හා ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය සිදු කරන අතර බීජාණු නොසාදයි.
ශ්වසනය
- ඔවුන් සවායු හෝ වෛකල්පිත නිර්වායු වෙයි.
ෆයිටොප්ලාස්මාවන්
- බොහෝ කරුණුවලින් ෆයිටොප්ලාස්මාවන්, මයිකොප්ලාස්මාවන්ට සමාන ය.
- ඔවුහු ප්‍රමාණයෙන් මයිකොප්ලාස්මාවන්ට සමාන ය. දෙවර්ගය ම නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවලින් පමණි.
- ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වෙයි.
- ෆයිටොප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණක් වන අතර සාමාන්‍යයෙන් ෆ්ලෝයම යුෂයෙහි හමුවෙයි.
- කෘත්‍රිම මාධ්‍යවල ඔවුනට වර්ධනය විය නොහැකි ය.
ප්‍රජනනය
- ඔවුහු බොහෝ විට පත්‍ර කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වෙති. එබැවින් ඔවුහු පත්‍ර කීඩෑවන් හා ශාක දේහය යන දෙකම තුළ ප්‍රජනනය සිදු කරති.
- ඔවුහු අංකුරණයෙන් හා ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරති.
ශ්වසනය
- ඔවුන්ට සවායු හෝ වෛකල්පිත නිර්වායු යන ශ්වසන ආකාර ඇත.
2012 වසරේදී වැලිගම ප්‍රදේශයේ පොල් වගාවට හානි කල ෆයිටොප්ලාස්මා ආසාදනයක් පිළිබඳව දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක්.