Lesson Progress
0% Complete
වංශය – ආත්‍රපෝඩා
Phylum – Arthropoda
කෘමීයෙක්
කකුළුවා
ගෝනුස්සා
හැකරැල්ලා
පත්තෑයා
කිනිතුල්ලා
මයිටා
උදා:- කෘමීහු, මකුළුවා, ඉස්සා, කකුළුවා, ගෝනුස්සා, කිනිතුල්ලා, මයිටාවෝ, හැකරැල්ලා හා පත්තෑයා
- වැඩි ම ජීවි විශේෂ ගණනක් අයත් වන, පෘථිවිය මත වඩාත්ම සාර්ථක සත්ත්ව කණ්ඩායමයි.
- ඔවුහු සෑම තැනකම ජීවත් වෙති. – ජලය, වාතය, පස
- ඛණ්ඩනය වූ ශරීරයක් හා සන්ධි සහිත පාද සහිතයි.
- කයිටිනීය බහිස් සැකිල්ලකි. (බාහිර සැකිල්ල) මේ බහිස් සැකිල්ල නිසා මොවුන් අඛණ්ඩව වර්ධනය නොවන අතර, වරින් වර සැකිල්ල හැලීම සිදු වේ.
- ආදි පෘෂ්ඨිය මොළයක් සහිත, හොඳින් විකසනය වූ ස්නායු පද්ධතියක් ඇත.
- ඝන ස්නායු රැහැනක් ඇති අතර, එය ඛණ්ඩනය වී තිබේ. එය උදරීයව පිහිටයි.
- ඔවුන් සතුව විවිධ සංවේදක ඉන්ද්‍රිය රාශියක් පිහිටයි.
- විවෘත රුධිර සංසරණ පද්ධතියක් සහිතයි.
- හෘදය මගින් ශරීර කුහර (රුධිර හෙබ) තුළට රුධිරය පොම්ප කරනු ලබයි. රුධිර හෙබ තුළ ඇති ඇති රුධිරයෙන් පටක නැහැවී ඇත. කේශනාලිකා නැත.
- ශ්වසනය සඳහා,
- ජලජ ජීවීගේ – ජලක්ලෝම
- භෞමික ජීවීන්ගේ – ශ්වාසනාල පද්ධතිය (මේවා කයිටීන් සහිත නාල වේ.)
- ඇරැක්නීඩාවන්ගේ – පත්පෙනහලු
- මැල්පිගීය නාලිකා මගින් යුරික් අම්ලය බහිස්‍රාවය කරයි.
- ප්‍රජනනය – ලිංග වෙන් වෙන්ව පවතී. ඒක ලිංගික ය.
දර්ශීය කෘමියෙකුගේ දේහයේ දික් කඩක්