විනාඩි 15
Lesson Progress
0% Complete
චැපරාල් (Chapparal)
ව්‍යාප්තිය
- උතුරු ඇමෙරිකාව, චිලී, ස්පාඤ්ඤය, දකුණු ප්‍රංසය සහ දකුණු අප්‍රිකාව වැනි මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල චැපරාල් ව්‍යාප්තව පවතී. ඒවා හොඳින් ම වර්ධනය වී ඇත්තේ දකුණුදිග කැලිෆෝනියාවේ ය.
වර්ෂාපතනය
- සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300 – 500 mm වේ.
උෂ්ණත්වය
- ඒවාට වැසි සහිත ශීත ඍතුවක් සහ වියළි ගිම්හානයක් ඇත. සාමාන්‍ය උෂ්ණත්වය 10 – 12 °C අතර, වන අතර එය 40°C තරම් ඉහළ නැගිය හැකි ය.
ශාක
- චැපරාල් බියෝමය දර්ශීය වශයෙන් සමන්විත වන්නේ කුරු වනාන්තර සහ පඳුරුවලිනි.
- ඒවා අතර පැතිරුණු තෘණ සහ පැළෑටිවලින් යුතු ආකාෂ්ඨිය වෘක්ෂලතාදිය ඇත.
- චැපරාල් ලැව්ගිනි වැනි විපත්තිදායක සිදුවීම්වලට භාජනය වේ.
- එබැවින් චැපරාල් ශාක පහත දැක්වෙන ඇතැම් අනුවර්තන දරයි.
- ගිනි ගැනීමකට පසුව පමණක් බීජ ප්‍රරෝහණය වීම.
- ගින්නට ප්‍රතිරෝධී මුල්.
- ගින්නට ප්‍රතිරෝධී මුල් තුළ සංචිතව ඇති ආහාර ගින්නෙන් පසුව යළි පැළ හට ගැනීමට භාවිත වේ.
- ඉක්මනින් නැවත පැළ හට ගැනීම නිසා ගින්නෙන් නිදහස් වූ පෝෂක භාවිතයට හැකියාවක් ඇත.
- කාෂ්ඨිය ශාකවල දැඩි , සදාහරිත පත්‍ර නියං කාල තුළ නොනැසී සිටීමට දායක වේ.
සතුන්
- චැපරාල්හි දේශීය ක්ෂීරපායීහු බොහෝදෙනෙක් ලෑටිගාන්නෝය.
- මුවා සහ එළුවා ඔවුන්ට අයත් ය.
- චැපරාල් කුඩා ක්ෂීරපායින්ගේ විවිධත්වයෙන් පොහොසත්ය.
- ඇම්පිබියාවන්, පක්ෂි, උරග සහ කෘමී විශේෂ කිහිපයක් ද හමු වේ.
මානව බලපෑම්
- මානව ජනාවාසකරණය, නාගරීකරණය සහ කෘෂිකාර්මික පරිවර්තන මඟින් මේ ප්‍රදේශ අඩු වීම සහ බාධා වීම් සිදු වී ඇත.
- මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන ගිනි ගැනීම් වලට පහසුවෙන් භාජනය වේ.