Lesson Progress
0% Complete
දිලීර/ෆන්ගී රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය
දිලීර/ෆන්ගී රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ
- සූන්‍යෂ්ටික ය.
- සෛල බිත්ති ශක්තිමත් නම්‍යශීලි පොලිසැකරයිඩයක් වන කයිටින් වලින් සෑදී ඇත.
- ඔවුන් අවශෝෂක, විෂමපෝෂීන්ය.
- සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළන බහිස්සෛලීය එන්සයිම ශ්‍රාවය කරයි.
- විවිධ විශේෂ වියෝජකයන්, පරපෝෂීන් හා අනෝන්‍යධාර සංගම් ලෙස ජීවත් වෙයි.
- සුළු සංඛ්‍යාවක් ඒක සෛලිකය. අනෙක් විශේෂ බහුසෛලික සූත්‍රිකා (hyphae) නිපදවයි.
- සුත්‍රිකාවල ආවාර පැවතිය හැකි ය. ආවාර/ හරස් බිත්ති මඟින් සූත්‍රිකා සෛලවලට බෙදී ඇත.
- මයිටොකොන්ඩ්‍රියා, රයිබොසෝම න්‍යෂ්ටි වැනි ඉන්ද්‍රියිකාවල චලනයට ඉඩ දෙන සිදුරු ආවාරවල පිහිටයි.
- ආවාර රහිත ඒවා සංසෛලික දිලීර නම් වේ (න්‍යෂ්ටි රාශියක් සහිත ය).
- දිලීර සූත්‍රිකා මඟින් දිලීර ජාලයක් සාදයි.
- සමහර දිලීර ශෝෂක දරයි. (විනිවිදීමට හා ශාක හා දිලීර අතර, ද්‍රව්‍ය හුවමාරුවට හෝ ද්‍රව්‍ය අවශෝෂණයට)
- බහුසෛලික දිලීර, දිලීර ජාලයක් (අතු බෙදුනු දිලීර සූත්‍රිකා ජාලයක් වන මෙය පෝෂක අවශෝෂණයට හැඩගැසී ඇත) සාදයි.
- ලිංගික හා අලිංගික ප්‍රජනනය පෙන්වයි.
- බීජාණු නිපදවයි.
ශෝෂක
වංශය – Chytridiomycota හි ලාක්ෂණික ලක්ෂණ
ජීවන චක්‍ර මතක තබා ගැනීම අනවශ්‍යයි.
උදා:- Chytridium
- ජලජ හෝ භෞමික වේ.
- ඇතැම් ආකාර මෘතෝපජීවී හා අනෙක් ආකාර පරපෝෂී වේ.
- ඒකසෛලික හෝ බහුසෛලික වේ.
- බහුසෛලික වූ විට සංසෛලිකයි.
- කශිකාධාර චල බීජාණු නිපදවයි.
- සෛල බිත්ති කයිටින් වලින් සෑදී ඇත.
- සමහරුන් දිලීර සූත්‍රිකාවලින් ගණාවාස සාදන අතර, සමහරු ගෝලාකාර තනි සෛල ලෙස පවතියි.
වංශය – Zygomycota හි ලාක්ෂණික ලක්ෂණ
Mucor හි ජීවන චක්‍රය (මතක තබා ගැනීම අනවශ්‍යයි.)
උදා:-Mucor, Rhizopus
- බොහෝ ජීවීන් මෘතෝපජීවීන් වන අතර, සමහරු පරපෝෂී හෝ සහභෝජි වේ.
- දිලීර ජාලය සංසෛලික හා නිරාවාර අතර, ප්‍රජනක සෛල සෑදෙන ස්ථානවල පමණක් ආවාර ඇති වේ.
- අලිංගික ප්‍රජනනය – ප්‍රවේණිකව සමාන ඒකගුණ බීජාණු නිපදවන බීජාණුධානි නිපදවයි.
- ඒවා තුළ අන්තර්ජන්‍යව ද බීජාණු නිපදවයි. බීජාණු, එම බීජාණුධානි නම් වේ.
- ලිංගික ප්‍රජනනය – න්‍යෂ්ටියෝගය හා ප්ලාස්මයෝගය මඟින් සෑදෙන දෘඪ ව්‍යුහක් වන සංයෝගාණුව නිපදවේ.
- සංයෝගාණුව අහිතකර පරිසර තත්වවලට ප්‍රතිරෝධි වේ.
- සංයෝගාණුව වියළීම හා අධික සීතලට /මිදිමට ඔරොත්තු දෙන බහුන්‍යෂ්ටික ව්‍යුහයකි.
- සංයෝගාණුව අහිතකර කාලගුණික තත්වවල දී පරිවෘත්තීය වශයෙන් නිශ්ක්‍රිය වේ.
- පරිසර තත්ත්ව හිතකර වන විට සංයෝගාණුව ප්‍රවේණිකව වෙනස් ඒකගුණ බීජාණු නිපදවයි.
වංශය – Ascomycota හි ලාක්ෂණික ලක්ෂණ
ජීවන චක්‍ර මතක තබා ගැනීම අනවශ්‍යයි.
Aspergillus හි අලිංගික ප්‍රජනනය
Penicillium හි අලිංගික ප්‍රජනනය
Saccharomyces හි අලිංගික ප්‍රජනනය
උදා:- Aspergillus, Saccharomyces, Penicillium
- කරදිය, මිරිදිය හෝ භෞමික
- පරපෝෂී හෝ සහජීවී වේ.
- බොහෝ ආකාර වියෝජකයෝ ය.
- ඒකසෛලික හෝ සූත්‍රිකාකාර, බහුසෛලික වේ.
- අලිංගික ප්‍රජනනයේ දී විශේෂිත දිලීර සූත්‍රිකා වර්ගයක් වන කොනිඩිධර කෙළවර කොනිඩියා නිපදවයි (දාම හෝ පොකුරු ලෙස ඇති වන බර්හිජන්‍ය බීජාණු).
- ලිංගික ප්‍රජනනයේ දී ලිංගිකව විභේදිත ජන්මාණුධානි හා වීම සහ මඩියක් වැනි ව්‍යුහයක් වන අස්කස සැදීම සිදු වේ. අස්කස තුළ අස්ක බීජාණු නිපදවයි.
- අස්ක බීජාණු අන්තර්ජන්‍යයි.
- සාමාන්‍යයෙන් අස්කස තුළ අස්ක බීජාණු 8ක් ඇත.
- බොහෝ අස්කොමයිකෝටාවන් විසින් අස්කස සහිත අස්කඵල නිපදවයි.
වංශය – Basidiomycota හි ලාක්ෂණික ලක්ෂණ
උදා:- Agaricus, බෝල හතු, රාක්ක හතු
- භෞමිකය.
- ප්‍රධාන වශයෙන් වියෝජකයන් සහ සමහරු සහජීවීය.
- ආවාර සහිත සූත්‍රිකාමය, ද්වින්‍යෂ්ටික දිලීර ජාලය ජීවන චක්‍රයේ ප්‍රමුඛ වේ.
- ලිංගික ප්‍රජනනයේ දී බැසිඩිඵල යන ඵලාවරණ නිපදවයි.
- බැසිඩි ඵලයේ තැලි මත බැසිඩි බීජාණු නිපදවයි.
- බැසිඩි බීජාණු බහිර්ජන්‍යයි.
- අලිංගික ප්‍රජනක ව්‍යුහ සුලභ නොවේ.