පැය 1යි.
Lesson Progress
0% Complete
මුලෙහි ප්‍රාථමික වර්ධනය
| මුලෙහි ප්‍රාථමික වර්ධනය මුලෙහි අග්‍රස්ථයේ පිහිටි මූලාග්‍ර විභාජකවල ක්‍රියාකාරිත්වයෙන් මුලෙහි දිග වැඩි වීම මුලෙහි ප්‍රාථමික වර්ධනය ලෙස හැඳින්වේ. |
- එහි දී පහත ක්‍රියාවලි තුන සිදු වේ.
- සෛල විභාජනය – අනූනන විභාජනය හේතුවෙන් .
- සෛල දිගින් වැඩි වීම – රික්තක හට ගනී.
- සෛල පරිණත වීම – විභේදනය හේතුවෙන්
- මූලාග්‍රස්ථ විභාජකයේ සිට මේ ක්‍රියාවලි තුන සිදු වන ප්‍රදේශ එකිනෙකට අතිපිහිතව පවතී.
- එම ප්‍රදේශ පහත සඳහන් රූපසටහනෙන් දැක්වේ.

මූලාග්‍රස්ථයෙහි දික්කඩක දළ ව්‍යුහය
සෛල විභාජනය වන කලාපය
- සෛල විභාජනය වන ප්‍රදේශයට, මූලාග්‍රස්ථ විභාජකය හා එහි ව්‍යුත්පන්න අයත් වේ.
- මූලාග්‍රස්ථ විභාජකයෙන් දෙපසට ම නව සෛල නිපදවනු ලබයි.
![]() ඉහළට හා පහළට යන දෙදිශාවමට සෛල නිපදවීම |
- අග්‍රස්ථ විභාජකයෙන් පිටතට නිපදවනු ලබන සෛල විභේදනය වී මූලාග්‍ර කොපුව සාදයි.
- මූලාග්‍ර කොපුව මගින් මුල පස තුළින් ගමන් කිරීමේ දී, ඝර්ෂණය නිසා මූලාග්‍රස්ථ විභාජකයට විය හැකි හානිය වළක්වා ගනී.
සෛල දිගු වන කලාපය
- අග්‍රස්ථ විභාජකයෙන් ඇතුළුට නිපදවෙන සෛල දිගු වන කලාපයේ දී දිගු වීමට ලක් වේ.
- සමහර විට මුලේ සෛල ඒවායේ මුල් දිග මෙන් දස ගුණයකටත් වඩා දිගු වීමට සිදු වේ.
- මේ නිසා මුල පස තුළට තල්ලු වේ.
සෛල විභේදනය වන කලාපය


- පරිණත වන කලාපය තුළ දී සෛල ව්‍යුහයෙන් සහ කෘත්‍යයෙන් විශේෂණය ඇරඹී විභේදනය සම්පුර්ණ වේ.
- සෛල කෘත්‍යමය වශයෙන් පරිණත වේ.
- ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මුලේ ප්‍රාථමික ව්‍යුහය සෑදේ.

කඳෙහි ප්‍රරෝහයෙහි ප්‍රාථමික වර්ධනය
| කඳේ ප්‍රාථමික වර්ධනය යනු, ප්‍රරෝහ අග්‍රස්ථයේ පවතින ප්‍රාථමික විභාජක පටකයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ශාක කඳ දිගින් වැඩි වීම ශාක කඳේ ප්‍රාථමික වර්ධනය නම් වේ. |

ද්විබීජපත්‍රී ප්‍රරෝහ අග්‍රස්ථයක දික්කඩ

ද්විබීජපත්‍රී ප්‍රරෝහ අග්‍රස්ථයක දික්කඩ – රේඛා සටහන
ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය
- ප්‍රරෝහ අග්‍රස්ථයේ පවතින විභාජනය වෙමින් පවතින බුබුළාකාර හැඩයකින් යුත් සෛල සමූහයකි.
- පත්‍ර වර්ධනය වන්නේ පත්‍ර මූලාකෘතිවලින්වේ.
- පත්‍ර මූලාකෘති අග්‍රස්ථ විභාජකය දෙපස ඇඟිලි වැනි නෙරුම් ලෙස පවතී.
- සාමාන්‍යයෙන් ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය පත්‍ර මූලාකෘතිවලින් ආවරණය වී පවතී.
- ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය අනූනනය මඟින් නව සෛල නිපදවනු ලබන්නේ කඳ දෙසට පමණි.
- එම නව සෛල දික් වීම හා ඉන් පසුව විභේදනය සිදු වෙයි.
- මෙලෙස සෛල විභේදනය හේතුවෙන් ශාක කඳෙහි ප්‍රාථමික පටක ඇති වෙයි. ඒ නිසා ප්‍රාථමික වර්ධනය හේතුවෙන් ශාක කඳෙහි උස වැඩි වේ.

- කඳක ප්‍රාථමික වර්ධනයේ දී සිදුවන ක්‍රියාවලි 03 වන්නේ,
- සෛල විභාජනය – අනූනන විභාජනය හේතුවෙන් .
- සෛල දිගින් වැඩි වීම – රික්තක හට ගනී.
- සෛල පරිණත වීම – විභේදනය හේතුවෙන්
- මෙම ක්‍රියා සිදුවන කලාප එකිනෙකට අතිපිහිත වී පවතී.

ද්විබීජ පත්‍රී ප්‍රාථමික ශාකයක කඳ අග්‍රස්ථයේ දික් කඩක්



ප්‍රරෝහ අග‍්‍රස්ථ හා මූලාග‍්‍රස්ථ විභාජකය අතර
වෙනස්කම්
ප්‍රරෝහ අග‍්‍රස්ථය | මූලාග‍්‍රස්ථය |
| ප්‍රරෝහ අග්‍රස්ථවල දක්නට ලැබේ. | මුල් අග්‍රස්ථයේ දැකිය හැකි වේ. |
| පත්‍ර මූලාකෘතිවලින් ආරක්ෂා වෙයි. | මූලාග්‍ර කොපුවෙන් ආරක්ෂා වෙයි. |
| නව සෛල සෑදීම එක දිශාවකට පමණි. | නව සෛල සෑදීම ඇතුළත හා පිටත දෙදිශාවටම සිදු කරයි. |
ගයාන් රත්නසූරිය B.Sc. (University of Colombo) ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු) 075 7201405 |
