කඳෙහි හා මුලෙහි ප්‍රාථමික ව්‍යුහ

මුලෙහි ප්‍රාථමික වර්ධනය

මුලෙහි ප්‍රාථමික වර්ධනය

මුලෙහි අග්‍රස්ථයේ පිහිටි මූලාග්‍ර විභාජකවල ක්‍රියාකාරිත්වයෙන් මුලෙහි දිග වැඩි වීම මුලෙහි ප්‍රාථමික වර්ධනය ලෙස හැඳින්වේ.

  • එහි දී  පහත ක්‍රියාවලි තුන සිදු වේ.
    1. සෛල විභාජනය – අනූනන විභාජනය හේතුවෙන් .
    2. සෛල දිගින් වැඩි වීම – රික්තක හට ගනී.
    3. සෛල පරිණත වීම – විභේදනය හේතුවෙන්
  • මූලාග්‍රස්ථ විභාජකයේ සිට මේ ක්‍රියාවලි තුන සිදු වන ප්‍රදේශ එකිනෙකට අතිපිහිතව පවතී.
  • එම ප්‍රදේශ පහත සඳහන් රූපසටහනෙන් දැක්වේ.

මූලාග්‍රස්ථයෙහි දික්කඩක දළ ව්‍යුහය

සෛල විභාජනය වන කලාපය

  • සෛල විභාජනය වන ප්‍රදේශයට, මූලාග්‍රස්ථ විභාජකය හා එහි ව්‍යුත්පන්න අයත් වේ.
  • මූලාග්‍රස්ථ විභාජකයෙන් දෙපසට ම නව සෛල නිපදවනු ලබයි.

ඉහළට හා පහළට යන දෙදිශාවමට සෛල නිපදවීම

  • අග්‍රස්ථ විභාජකයෙන් පිටතට නිපදවනු ලබන සෛල විභේදනය වී මූලාග්‍ර කොපුව සාදයි.
  • මූලාග්‍ර කොපුව මගින් මුල පස තුළින් ගමන් කිරීමේ දී, ඝර්ෂණය නිසා මූලාග්‍රස්ථ විභාජකයට විය හැකි හානිය වළක්වා ගනී.

සෛල දිගු වන කලාපය

  • අග්‍රස්ථ විභාජකයෙන් ඇතුළුට නිපදවෙන සෛල දිගු වන කලාපයේ දී දිගු වීමට ලක් වේ.
  • සමහර විට මුලේ සෛල ඒවායේ මුල් දිග මෙන් දස ගුණයකටත් වඩා දිගු වීමට සිදු වේ.
  • මේ නිසා මුල පස තුළට තල්ලු වේ.

සෛල විභේදනය වන කලාපය

  • පරිණත වන කලාපය තුළ දී සෛල ව්‍යුහයෙන් සහ කෘත්‍යයෙන් විශේෂණය ඇරඹී විභේදනය සම්පුර්ණ වේ.
  • සෛල කෘත්‍යමය වශයෙන් පරිණත වේ.
  • ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මුලේ ප්‍රාථමික ව්‍යුහය සෑදේ.

 

කඳෙහි ප්‍රරෝහයෙහි ප්‍රාථමික වර්ධනය

කඳේ ප්‍රාථමික වර්ධනය යනු,

ප්‍රරෝහ අග්‍රස්ථයේ පවතින ප්‍රාථමික විභාජක පටකයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ශාක කඳ දිගින් වැඩි වීම ශාක කඳේ ප්‍රාථමික වර්ධනය නම් වේ.

ද්විබීජපත්‍රී ප්‍රරෝහ අග්‍රස්ථයක දික්කඩ

ද්විබීජපත්‍රී ප්‍රරෝහ අග්‍රස්ථයක දික්කඩ – රේඛා සටහන

ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය 

  • ප්‍රරෝහ අග්‍රස්ථයේ පවතින විභාජනය වෙමින් පවතින බුබුළාකාර හැඩයකින් යුත් සෛල සමූහයකි.
  • පත්‍ර වර්ධනය වන්නේ පත්‍ර මූලාකෘතිවලින්වේ.
  • පත්‍ර මූලාකෘති අග්‍රස්ථ විභාජකය දෙපස ඇඟිලි වැනි නෙරුම් ලෙස පවතී.
  • සාමාන්‍යයෙන් ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය පත්‍ර මූලාකෘතිවලින් ආවරණය වී පවතී.
  • ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය අනූනනය මඟින් නව සෛල නිපදවනු ලබන්නේ කඳ දෙසට පමණි.
  • එම නව සෛල දික් වීම හා ඉන් පසුව විභේදනය සිදු වෙයි.
  • මෙලෙස සෛල විභේදනය හේතුවෙන් ශාක කඳෙහි ප්‍රාථමික පටක ඇති වෙයි. ඒ නිසා ප්‍රාථමික වර්ධනය හේතුවෙන් ශාක කඳෙහි උස වැඩි වේ.

  • කඳක ප්‍රාථමික වර්ධනයේ දී සිදුවන ක්‍රියාවලි 03 වන්නේ,
    1. සෛල විභාජනය – අනූනන විභාජනය හේතුවෙන් .
    2. සෛල දිගින් වැඩි වීම – රික්තක හට ගනී.
    3. සෛල පරිණත වීම – විභේදනය හේතුවෙන්
  • මෙම ක්‍රියා සිදුවන කලාප එකිනෙකට අතිපිහිත වී පවතී.

ද්විබීජ පත්‍රී ප්‍රාථමික ශාකයක කඳ අග්‍රස්ථයේ දික් කඩක්

ප්‍රරෝහ අග‍්‍රස්ථ හා මූලාග‍්‍රස්ථ විභාජකය අතර

වෙනස්කම්

ප්‍රරෝහ අග‍්‍රස්ථය

මූලාග‍්‍රස්ථය

 ප්‍රරෝහ අග්‍රස්ථවල දක්නට ලැබේ.මුල් අග්‍රස්ථයේ දැකිය හැකි වේ.
පත්‍ර මූලාකෘතිවලින් ආරක්ෂා වෙයි.මූලාග්‍ර කොපුවෙන් ආරක්ෂා වෙයි.
නව සෛල සෑදීම ඇතුළු දෙසට පමණි.නව සෛල සෑදීම ඇතුළත හා පිටත දෙදිශාවටම සිදු කරයි.
ගයාන් රත්නසූරිය
B.Sc. (University of Colombo)
ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු)
075 7201405

 

error: කොපි කරන්න තහනම්!!!