ක්ෂුද්‍රජීවි රෝග මගහැරීම හා වැළැක්වීම

ක්ෂුද්‍රජීවි රෝග මගහැරීම හා වැළැක්වීම

  • ක්ෂුද්‍රජීවි ආසාදන රෝගවලින් වැළකී සිටීම සඳහා ඉතා හොඳ ක්‍රමය වන්නේ එදිනෙදා ජීවිතයේ දී යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ය.
  • ආසාදනවලින් වැළකී සිටීම සඳහා පූතිනාශක, ව්‍යාසාධක හා ප්‍රතිශක්තිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මිනිසාට ක්ෂුද්‍රජීවීන් මගින් වැලදෙන රෝග පාලන ක්‍රම

පූතිනාශක හා ව්‍යාසාධක(විෂබීජ නාශක) භාවිතය

ව්‍යසාධක හා පූතිනාශක යනු ආසාදන වැළැක්වීම සඳහා ක්ෂුද්‍රජීවීන් මරාදමන හෝ ක්ෂුද්‍රජිවි ගහනය අඩු කිරීමට භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යය වේ.
  • නමුත් මේ රසායනික ද්‍රව්‍ය සමහර ක්ෂුද්‍රජීවීන් සඳහා සඵලදායි නොවෙයි.
  • උදා: පෝලියෝ වයිරසය, ක්ෂයරෝග බැක්ටීරියාව, බැක්ටීරියා බීජාණු හා දිලීර බොහෝ පූතිනාශක හා ව්‍යසාධක මඟින් විනාශ නොවෙයි.
  • පූතිනාශක, ව්‍යාසාධක සාමාන්‍යයෙන් දක්වා ඇත්තේ දියර වර්ග ලෙස ය.
පූතිනාශක හා ව්‍යාසාධක අතර ප්‍රධානතම වෙනස්කම
  • පූතිනාශක මිනිස් දේහයට ආරාක්ෂාකාරීව හා සෘජුවම යෙදිය හැකි අතර, ව්‍යාසාධක එසේ භාවිත කළ නොහැක. එබැවින් හම වැනි ජීවි පෘෂ්ඨ විෂබීජ නාශනය සඳහා පූතිනාශක භාවිත කළ හැකි අතර අජීවී පෘෂ්ඨවල විෂබීජ නාශනය සඳහා ව්‍යාසාධක භාවිත කරනු ලැබේ.
ව්‍යාසාධක භාවිතා වන අවස්ථා
    • ශල්‍යාගාර
    • ස්නානය සඳහා භාවිත වන ප්‍රදේශ
    • දෙවුම් බේසම් (sinks)
    • මුළුතැන්ගෙයි මතුපිටවල්
    • හැදි ගෑරුප්පු
    • කානු, ආදිය විෂබීජහරණයේදී.
පූතිනාශක හා ව්‍යාසාධක වල සඵලතාවයට බලපාන සාධක
  1. සාන්ද්‍රණය
  2. ඒවාට විවෘත වන කාලසීමාව
  3. උෂ්ණත්වය
  4. කාබනික ද්‍රව්‍යවල පැවතීම 
පූතිනාශක හා ව්‍යාසාධක වලට උදාහරණ
  • පූතිනාශක : එතිල් මද්‍යසාරය, අයිසොප්‍රොපනෝල්, ක්ලෝරොසයිලනෝල්
  • ව්‍යසාධක :  ෆීනෝල, හයිපොලෝරයිට් (කැල්සියම් හයිපොක්ලෝරයිට් හා සෝඩියම් හයිපොක්ලෝරයිට්)

ප්‍රතිජීවක භාවිතය

  • දේහය ආසාදනයකින් ආරක්ෂා කර ගැනීමට හෝ රෝගය මැඩ පවත්වා ගැනීමට දේහ ආරක්ෂණ යන්ත්‍රණ අපොහොසත් වූ විට ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ අඩංගු රසායනික චිකිත්සකවලින් ප්‍රතිකාර කළ යුතු වේ.
  • ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍යය, ධාරක සෛලවලට හානියක් සිදු නොකරමින්, ක්ෂුද්‍රජීවීන් මරා දැමීම හෝ වර්ධනයට බාධා පැමිණවීම සිදු කරයි.
ප්‍රතිජිවක යනු බැක්ටරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායි ප්‍රතික්ෂුද්‍රජීවි ද්‍රව්‍යයකි.
පුළුල් පරාස ප්‍රතිජීවක (Broad-spectrum antibiotics)
  • සමහර ප්‍රතිජීවක පුළුල් පරාසයක බැක්ටීරියා විශේෂවලට විරුද්ධව ක්‍රියා කරන අතර ඒවා ලෙස පුළුල් පරාස ප්‍රතිජීවක හඳුන්වයි.
පටු පරාස ප්‍රතිජීවක (Narrow-spectrum antibiotics)
  • සුවිශේෂ බැක්ටීරියා කාණ්ඩයක් මත පමණක් ක්‍රියා කරන ප්‍රතිජීවක පටු පරාස ප්‍රතිජීවක ලෙස හඳුන්වනු ලැබේ.

ප්‍රතිජීවක විවිධ ආකාර ක්‍රියාකාරිත්වයන් පෙන්නුම් කරයි.

උදාහරණ:

  1. සෛල බිත්ති සංශ්ලේෂණය නිශේධනය – පෙනිසිලින්
  2. ප්‍රෝටීන් සංශ්ලේෂණය නිශේධනය – එරිත්‍රොමයිසින් හා ටෙට්‍රාසයික්ලින්
  3. ප්ලාස්ම පටල කඩාබිඳ දැමීම – ඩැප්ටොමයිසින්
  4. DNA/RNA සංශ්ලේෂණය නිශේධනය – රිෆැම්පින් (Rifampin)

ප්‍රතිශක්තිකරණය:  එන්නත්

එන්නතක් යනු :

ප්‍රතිශක්තිය ප්‍රේරණය කිරීම සඳහා භාවිත කරනු ලබන දුර්වල කරන ලද ක්ෂුද්‍රජීවීන් හෝ ඉතා කුඩා ක්ෂුද්‍රජීවි කොටස් අඩංගු අවලම්බනයක් එන්නතක් නම් වෙයි.

  • ආසාදනයක් සිදු වුව හොත් වෙනත් පාලන ක්‍රම නැති බැවින් වයිරස මඟින් ඇති කරනු ලබන රෝග පාලනය සඳහා එන්නත් නිතර භාවිත කරයි.
එන්නත් ආකාර කීපයකි,
  1. අඩපණ කරන ලද ජීවි එන්නත්:
  • ඉතා පරික්ෂාකාරිව (deliberately) ව්‍යාධිජනකතාව පාලනය කරන ලද ජීව්‍ය ක්ෂුද්‍රජීවීන් අඩංගු එන්නත් ය.
  • මේ එන්නත් සැබෑ ආසාදනය අනුකරණය කරයි.
  • ධාරකය තුළ ව්‍යාධිජනකයා සක්‍රියව පවතින බැවින් ජීවිතාන්තය දක්වා පවතින ප්‍රතිශක්තියක් මෙවැනි එන්නත්වලින් සපයයි.
  • බොහෝ විට බූස්ටර (booster) (ද්විතීයික) ප්‍රතිශක්තිකරණයක් අවශ්‍ය නොවෙයි.
  • අඩපණ කරන ලද ජීවි එන්නත් පහත සඳහන් රෝග සඳහා භාවිත කෙරේ.
    1. සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා – MMR එන්නත(Measles, Mumps, and Rubella (German measles))
    2. පැපොල
COVID-19 සඳහා මේ වනවිට ලබාදෙන Oxford-AstraZeneca එන්නත අඩපණ කරන ලද ජීවී එන්නතකි. එහි අන්තර්ගත වන්නේ, චිම්පන්සීන්ගෙන් ලබාගත් දුර්වල කරන ලද “සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරස ආකාරයකි” (Common cold virus -Adenovirus ආකාරයක්).  මෙම වයිරසය COVID-19 වයිරසය අනුකරණය කිරීම සඳහා වෙනස්කම් වලට ලක් කර ඇති අතර  අතර රෝගයක් හට ගැන්වීමේ හැකියාවක් නැත.

2. අක්‍රිය කරන ලද එන්නත්

  • එනතෙහි අඩංගු වන ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් අක්‍රිය කරන ලද හෝ මරණ ලද ඒවා වෙයි.
  • අඩපණ කරන ලද ජීවි එන්නත් හා සැසඳීමේ දී අක්‍රිය කළ එනත් භාවිතයේ දී බූස්ටර (booster) (ද්විතීයික) මාත්‍රාවන් නැවත නැවත ලබා දීම අවශ්‍ය වෙයි.
  • අක්‍රිය කරන ලද එන්නත් භාවිත කරන රෝග සඳහා උදාහරණ :
    1. ජලභීතිකා රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව, පෝලියෝ වැනි වයිරස් රෝග
    2. කොලරාව වැනි බැක්ටීරියා රෝග
  1. උපඒකක (subunit) එන්නත්
  • මේවායේ අඩංගු වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කළ හැකි ප්‍රතිදේහ ජනක ඛණ්ඩ පමණි.
  • ටොක්සොයිඩ් (ධූලකාහ) එන්නත් මේ සඳහා හොඳ උදාහරණයක් වේ. මෙම එන්නත් බොහෝ කලක පටන් භාවිත කර ඇත. ධූලකාභවල අන්තර්ගත වන්නේ ව්‍යාධිජනකයාගෙන් මූලාරම්භ වූ අක්‍රිය කරන ලද ධූලක ය.
  • ධූලකාභ එන්නත් භාවිත කරන රෝග සඳහා උදාහරණ වන්නේ ගලපටලය, පිටගැස්ම යනාදියයි.
  • වර්තමානයේ ජාන ඉංජිනේරු විද්‍යාව මගින් උපඒකක එන්නත් නිපදවනු ලැබේ. උදා: හෙපටයිටිස්-B එන්නත
  • පූර්ණ ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා උප ඒකක එන්නත්වල දී සාමාන්‍යයෙන් නැවත නැවත බූස්ටර (ද්විතීයික) මාත්‍රා ලබා ගැනීම අවශ්‍ය වේ.