කෘෂිකර්මාන්තයේ දී ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීම
අස්වැන්න, නයිට්‍රජන් හා පොස්ෆරස් අවශෝෂණය, රෝග හා පළිබෝධයන්ට ඇති ප්‍රතිරෝධය හා නියංවලට ඔරොත්තු දීම වැනි දේ වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකර්මාන්තයේ දී ක්ෂුද්‍රජීවීන්ගේ විවිධ යෙදීම් ඇත.
1. ජෛව පොහොර
ශාක වර්ධනය හා විකසනය සඳහා පසේ ඇති අතිශය සීමාකාරි පෝෂක වන්නේ නයිට්‍රජන් හා පොස්ෆරස් ය. ඒ නිසා මේ පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය (bioavailability) වැඩි කිරීමට රසායනික පොහොර පසට යොදනු ලැබේ. කෘත්‍රිම පොහොරවල අධික භාවිතාව නිසා පසේ හා ජලයේ ගුණාත්මක තත්ත්වය අඩු වීම වැනි පරිසර ගැටලු ඇති වෙයි. එබැවින් N හා Pවල ජෛව ප්‍රයෝජ්‍යභාවය ඉහළ නැංවීම සඳහා භෝග වගා පද්ධතිවල භාවිත කළ හැකි ක්ෂුද්‍රජීවීන් කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු ය. මේ ආක්‍රාමණය කරන ලද ක්ෂුද්‍රජිවින් ජෛව – පොහොර ලෙස හඳුන්වනු ලැබේ.
a. පොස්ෆේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා හා දිලීරක මූල
සියලුම ප්‍රධාන ශාක පෝෂක අතරින් වඩාත්ම සීමාකාරී පෝෂකය වන්නේ පොස්ෆරස් ය. ඕනෑම පසක පොස්ෆරස්වල ජෛවීය උපයෝජ්‍යතාවය( bioavailability) (පසට යොදන පොස්ෆරස් වලින් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් ශාකවලට ප්‍රයෝජනයට ගත හැකිය) නොගිණිය හැකි තරම් ය අඩුය. පොස්ෆරස් ද්‍රාව්‍ය කාරක බැක්ටීරියා හා දිලීරක මූල මඟින් පසට යොදන ලද පොස්ෆරස්වල ද්‍රාව්‍යතාවය වැඩි කරයි. මේ බැක්ටීරියා හා දිලීර මඟින් කාබනික අම්ල ස්‍රාවය කරයි, එම කාබනික අම්ල මඟින් පොස්ෆරස් සහිත ඛණිජ දිය කරයි. ඒ හේතුවෙන් පොස්ෆේට් අයනවල කැටායන නබර (chelate) සෑදීමෙන් පාංශු ද්‍රාවණයට පොස්ෆරස් මුදාහරිනු ලබයි. වර්තමානයේ දී වාණිජමය ලෙස තනන ලද ක්ෂුද්‍රජීවී ජෛවීය පොහොර සැකසුම් වෙළඳපොළේ දැකිය හැකිය.
b. නයිට්‍රජන් තිරකාරි ක්ෂුද්‍රජීවියෝ
ජෛව නයිට්‍රජන් තිර කිරීම යනු ක්ෂුද්‍රජීවීන් විසින් වායුගෝලීය අණුක නයිට්‍රජන් එහි ද්‍රාව්‍ය ආකාර බවට පරිවර්තනය කරන ක්‍රියාවලියයි. මේ නයිට්‍රජන්හි ද්‍රාව්‍ය ආකාර ශාක මඟින් ඍජුව ම හෝ ප්‍රයෝජනවත් ද්‍රාව්‍ය නයිට්‍රජන් ආකාරයකට පරිවර්තනය කිරීමෙන් හෝ ස්වීකරණය කළ හැකි ය. උදා:
සහජීවි නයිට්‍රජන් තිර කිරීම
Rhizobium විශේෂ රනිල ශාක සමග කිට්ටු සම්බන්ධතාවක් ගොඩනගයි. තිර කරන ලද නයිට්‍රජන්, රනිල ශාක මිය ගිය පසු පසට මුදාහැරෙන බැවින් වෙනත් ශාක විසින් ප්‍රයෝජනයට ගනී. විවිධ රයිසෝබියම් ආක්‍රමණික වාණිජමය ලෙසින් ප්‍රයෝජනය සඳහා ඇත.
0 නයිට්‍රජන් තිරකාරි සයනොබැක්ටීරියා – Anabaena sp. ජලජ පණාංගයක් වන Azolla සමග සහජීවි සංගමයක් සාදයි. මේ පද්ධතිය බොහෝ රටවල වී වගාවෙහි සාර්ථකව භාවිත කරයි.
• නිදැලි වාසි නයිට්‍රජන් තිර කිරීම
Azotobacter වැනි නිදැලි වාසි නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා මූල ගෝලයේ ඉහළ සාන්ද්‍රණයකින් පැවතෙයි.
.. ශාක වර්ධනය වැඩිදියුණු කරන බැක්ටීරියා
ශාක මූලගෝලයේ වෙසෙන බොහෝ බැක්ටීරියා ශාක වර්ධනය වැඩිදියුණු කරන ඔක්සින් (ඉන්ඩෝල් – 3 – ඇසිටික් අම්ලය), සයිටොකයිනින් හා ගිබෙරිලන් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි.
Pseudomonas putida, P. fluorescens: auxin
Azotobacter sp., Rhizobium sp., B. subtilis, P. fluorescens: cytokinins Acetobacter sp., Azospirillum sp: Gibberellin (ඉහත සියලුම ක්ෂුද්‍රජීවීන්ගේ නම් ශිෂ්‍යයන් විසින් මතක තබා ගත යුතු නැත)
2. ජෛව – පළිබෝධ නාශක / ජෛව පාලක කාරක (BCA)
රසායනික පළිබෝධනාශක අධික ලෙස භාවිතාව මිනිසාට හානිකර අතුරු ප්‍රතිඵල ඇති කිරීමට හේතු වී ඇත.
එම ද්‍රව්‍ය හෝ ඒවායේ අවශේෂ ආකාර පරිසරයෙහි හා ආහාරවල දිගුකාලීනව පවතියි. ඉලක්ක නොවූ ජීවීන්ට ද මේ ශේෂවල විෂ බව බලපායි. පළිබෝධනාශක අධිකව භාවිත කිරීම පිළිබෝධනාශකවලට එරෙහිව පළිබෝධයන් අතර ප්‍රතිරෝධයක් ගොඩනංවයි.