Lesson Progress
0% Complete
පරිසර කළමනාකරණයේ දී ක්ෂුද්‍රජීවීන් යෙදීම
- ස්වභාවයේ පහසුවෙන් හායනය නොවන රසායනික ද්‍රව්‍ය කර්මාන්ත හා කෘෂිකර්මාන්තවල දී පරිසරයට මුදාහරියි. උදා:
- ප්ලාස්ටික් යනු ජෛව හායනයට භාජනය නොවන කෘත්‍රිම ද්‍රව්‍යයකි.
- බැරලෝහ වැනි පළිබෝධනාශක ශේෂ,
- වල්නාශක 2,4-D,
- කෘමිනාශක DDT යනු ක්ෂුද්‍රජීවීන් මඟින් හායනය නොවන හෝ සෙමෙන් හායනය වන පසේ දිගු කාලයක් රැඳෙමින් සහ එසේම භූගත ජලය දූෂණය කරන තවත් රසායනික ද්‍රව්‍යවලට උදාහරණ වේ.
1. ජෛව ප්‍රතිකර්මනය
- දූෂක ඉවත් කිරීමට, හායනයට හෝ විෂ හරණයට ජීවීන් භාවිත කිරීමේ තාක්ෂණය ජෛව ප්‍රතිකර්මනයයි.
- ස්වාභාවිකව ජෛව ප්‍රතිකර්මනය පසෙහි සිදු වෙයි.
- බොහෝ අවස්ථාවල ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලි සඳහා ක්ෂුද්‍රජීවීහු යොදා ගැනෙති.
- දූෂකවල ජෛව හායනය/ (bio-removal) ක්‍රියාවලිය ඉහළ නැංවීම, දූෂිත පසේ හා ජලයේ වර්ධනය වන ක්ෂුද්‍රජීවීන් මගින් උත්තේජනය කළ හැකි ය.
- දූෂිත ස්ථානයක ඇති විශේෂිත දූෂක ප්‍රමාණය හායනය/ ඉවත් කිරිම සඳහා තෝරා ගනු ලැබූ ගතිලක්ෂණ සහිත ක්ෂුද්‍රජීවීන් හෝ තෝරා ගනු ලැබූ ගතිලක්ෂණ දරන ප්‍රවේණිකව විකරණය කරන ලද ක්ෂුද්‍රජීවීන් යොදා ගත හැකි ය.
ජෛව ප්‍රතිකර්මණය දැනට,
- තෙල් ඉහිරුම්වලින්, විෂ ලෝහ අපද්‍රව්‍ය, කාබනික අපද්‍රව්‍ය යනාදියෙන් අපවිත්‍ර වූ පස හා ජලය ප්‍රතිකර්මණය කිරීමට.
- ආහාර සැකසුම් හා රසායනික පිරියත්වල අපජලය වියෝජනයට
2. ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීම (solid waste treatment)
- නිවෙස්වලින් ඉවත ලන ඝන අපද්‍රව්‍ය (කසළ) එක්රැස් වීම නිසා විශාල පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරයි.
- කසළ පිරියම් කිරීමේ දී ක්ෂුද්‍රජීවීන් මඟින් කසළ හායනය සවායු හෝ නිර්වායු ලෙස සිදු වෙයි. කොම්පෝස්ට් සැදීමේ දී අපද්‍රව්‍ය ප්‍රමාණය හායනය කරනුයේ සවායු ලෙස ය.
- අවසානයේ දී අපද්‍රව්‍ය හියුමස් වැනි ස්ථායි ද්‍රව්‍ය බවට පරිවර්තනය කරයි.
- බොහෝවිට, සුසංහිතව ඇසිරූ භූ පිරවුම් හෝ ගොඩවල් ලෙස කසළ තැන්පත් කර ඇත.
- බොහෝ අවස්ථාවල දී ඒවා නිර්වායු තත්වයේ ඇත.
- එවැනි තත්ත්වවල දී මෙතනොජෙනික් බැක්ටීරියා භාවිතයෙන් අපද්‍රව්‍ය ප්‍රමාණය නිර්වායුව හායනය කෙරෙයි.
- හායන ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස මීතේන් වායුව නිපදවෙයි.
- විදුලි උත්පාදනය හෝ ස්වාභාවික වායුවක් ලෙස එය භාවිත වෙයි.