ක්ෂුද්‍ර ජීවීහු හා රෝග
මිනිස් දේහයේ සාමාන්‍ය ක්‍ෂුද්‍රජීවි සමුදායේ ස්වභාවය, පැතිරීම සහ කෘත්‍ය
මිනිස් දේහයේ සාමාන්‍ය ක්‍ෂුද්‍රජීවි සමුදායේ ස්වභාවය
- මිනිස් සිරුර මත හා ඒ තුළ සාමාන්‍ය ක්‍ෂුද්‍ර ජිවී සමුදායක් වශයෙන් අති විශාල විවිධත්වයෙන් යුත් ක්‍ෂුද්‍රජිවීහු සිටිති. මොවුහු මානව දේහයේ සාමාන්‍ය ක්ෂුද්‍රජීවී සමුදාය ලෙස හඳුන්වනු ලැබේ.
- බැක්ටීරියා, වෛරස, ප්‍රොටොසෝවා සහ යීස්ට් ඇතුළු විශාල විවිධත්වයකින් යුත් ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිස් සිරුර නිරන්තර ආක්‍රමණයට ලක් වේ.
- මිනිස් සිරුරක 1 x 1013 මුළු දේහ සෛල සංඛ්‍යාවකට 1 x 1014 ක්ෂුද්‍රජීවී සෛල, එනම් දේහ සෛල සංඛ්‍යාව මෙන් දහ ගුණයක් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් යුක්ත බව ඇස්තමේන්තු කර ඇත.
- උපතේ දී සාමාන්‍යයෙන් මානවයන් ක්ෂුද්‍රජීවීන්ගෙන් තොර වෙයි. (මවගෙන් කලලයට වෛරස ආසාදනය වීමේ හැකියාවක් ඇත. උදා: HIV, රුබෙල්ලා, හර්පීස්..)
- එහෙත් බිහි වීමේ දී අලුතින් උපත ලබන්නා මුලින් ම මවගේ යෝනි මාර්ගයේ සිටින ක්ෂුද්‍රජීවීන් සමග ස්පර්ශ වේ.
- සාමාන්‍යයෙන් ඔවුන් Lactobacilli වෙයි. Lactobacilli ළදරුවාගේ අන්ත්‍රයේ ඝනාවාසිකරණය වේ.
- උපතින් පසුව දේහය මත හා ඇතුළත අනෙකුත් ක්ෂුද්‍රජීවි ඝනාවාස ස්ථාපනය වීමට පටන් ගනියි. මොවුහු මානව දේහයේ සාමාන්‍ය ක්ෂුද්‍රජීවී සමුදාය ලෙස හඳුන්වනු ලැබේ.
- කෙසේ නමුත් නීරෝගි මානව දේහවල අභ්‍යන්තර පටක ක්ෂුද්‍රජීවීන්ගෙන් තොර ය.
- උදා: මොළය, රුධිරය, හෘදය, පෙනහලු
- මේ ක්ෂුද්‍රජීවීන්ගෙන් කොටසක් හම මත ඝනාවාසිකරණය වන අතර බහුතරයක් දේහයට ඇතුළු වී නාසය, උගුර, ශ්වසන මාර්ගයේ ඉහළ ප්‍රදේශය, ආන්ත්‍රික මාර්ගය හා මෞත්‍රලිංගික මාර්ගය වැනි ස්ථානවල පෘෂ්ඨවල (ශ්ලේෂ්මල පටලය ඇති) ආවරණයේ ඝනාවාසිකරණය වේ.
- මේ ක්ෂුද්‍රජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හානිකර නොවන හෝ වාසිදායක වෙයි.
සාමාන්‍ය ක්‍ෂුද්‍රජීවි සමුදායෙන් ඇති ප්‍රයෝජන
- මහා අන්ත්‍රය තුළ අවමව ඝනාවාසකරණය වී ඇති Escherichia coli විසින් Salmonella typhi වැනි ව්‍යාධිජනක බැක්ටීරියා ඝනාවාසිකරණය වළක්වයි.
- මහා අන්ත්‍රය තුළ වෙසෙන E. coli විසින් විටමින් K හා සමහර විටමින් B වර්ග (බයොටීන්, ෆෝලික් අම්ලය) සංස්ලේෂණය කර රුධිර ධාරාවට අවශෝෂණය කර අනතුරුව දේහ සෙල විසින් භාවිත කරයි.
- සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවී සමුදාය දාරක දේහයේ ප්‍රතිදේහ නිපදවීම ප්‍රේරණය කරමින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
- මානව සෞඛ්‍ය කෙරෙහි හිතකර අන්දමින් බැක්ටීරියා හාවිතය පිළිබඳ මෑතකදී අධ්‍යයනය කරන ලදී. එම හිතකර ක්ෂුද්‍රජීවී රෝපණ ප්‍රෝබයොටික්ස් නම් වන අතර, එමගින් අදහස් වන්නේ සජීවි බැක්ටීරියා රෝපණය යන්නයි.
- උදාහරණ – යෝගට් මගින් එම වාසිදායක ප්‍රතිඵලය ලැබේ. යෝගට් පරිභෝජනය මඟින් ලැක්ටික් අම්ල බැක්ටීරියා ආහාර මාර්ගයට ඇතුලු වී Salmonella enterica මගින් ඇති කරන පාචන තත්ත්ව මෙන්ම සාන්ද්‍රගත වීම වළක්වාලන බව අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත.
සාමාන්‍ය ක්‍ෂුද්‍රජීවි සමුදායෙන් ඇතිවන හානි
- මානව ක්ෂුද්‍රජීවී සමුදායෙන් බහුතරයක් හානිදායක නොවන නමුත් සමහර තත්ව යටතේ ඔවුහු මිනිස් දේහය සමග ඇති අන්තර්ක්‍රියා වෙනස් කර ගනිමින් ආසාදන තත්ව ඇති කරති.
- එවැනි ක්ෂුද්‍රජීවීහු අවස්ථාවාදි ව්‍යාධිජනකයන් ලෙස හදුන්වනු ලබති.
උදා:
- මහා අන්ත්‍රය තුළ පවතින තාක් කල් E. coli සාමාන්‍යයෙන් හානිදායක නොවෙති. කෙසේ නමුත් ඔවුහු අනෙකුත් දේහ කොටස්වලට ඇතුළු වූ පසු රෝග ඇති කරති. ( මූත්‍රාශය මුත්‍ර මාර්ගය ආසාදනය, පෙණහලු පුප්පුසීය ආසාදනය)
- නියුමෝනියාව සාදන බැක්ටීරියාවන් උගුර ආශ්‍රිතව ජිවත් වේ. නමුත් රෝගය ඇති නොකරයි. එහෙත් සාමාන්‍ය ප්‍රතිරෝධය අඩු වූ විට රෝගය ඇති කරයි.
ආසාදන රෝගවලට අදාළ යෙදුම්
- ව්‍යාධිජනකයා: රෝගයක් හට ගැන්වීමට හැකියාව ඇති ක්ෂුද්‍රජීවියකු හෝ ජීවී නොවන ආකාර (වයිරස් හා ප්‍රියෝන වැනි අජිවි ආකාර).
ව්‍යාධිජනකයන් ආකාර දෙකකි.
- අවස්ථාවාදි ව්‍යාධිජනකයන්
- විභව්‍ය/ සම්භාව්‍ය ව්‍යාධිජනකයන්
අවස්ථාවාදි ව්‍යාධිජනකයන් | විභව්‍ය/ සම්භාව්‍ය ව්‍යාධිජනකයන් |
|
|
- ධාරකයා: ආසාදිත ව්‍යාධිජනකයා හට තම දේහය මත හෝ තුළ ජීවත් වීමට හා ගුණනය වීමට පහසුකම් සපයන ජීවියා.
- ව්‍යාධිජනකතාව: ධාරකයාගේ ආරක්ෂක යන්ත්‍රණ මැඬපවත්වා ගනිමින් ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමට ව්‍යාධිජනකයා සතු හැකියාව.
- පරපෝෂිතයා: වෙනත් ජීව්‍ය ජීවියකු (ධාරකයා) මත හෝ ඒ ජිවියා තුළ ජීවත් වෙමින් පෝෂක හා අනෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියකු හෝ ජීවී නොවන ආකාර.
- රෝගය (ආසාදක රෝගය): ක්‍ෂුද්‍රජීවී ආසාදනය, ක්‍ෂුද්‍රජීවී ඵල හා ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය යන මේවායේ ප්‍රතිඵලයන් වශයෙන් කායිකව ඇතිවන දුබලතාවයකි.
ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීගේ ලාක්ෂණික
- ධාරක දේහයේ තත්ත්වවලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්වයක් (උදා: උෂ්ණත්වය) පැවතීම.
- ධාරක ආරක්ෂක යන්ත්‍රණවලට විරුද්ධව ආරක්ෂා වීම සඳහා සහ ධාරක සෛලවලට ඇලී සිටීම සදහා ව්‍යුහයන් සහිත වීම (උදා: කෝෂ්ඨ හා පිලයි).
- ධූලක නිපදවීම, අන්තඃධූලක හා බහිෂ්ධූලක
- ආක්‍රමණතාව සඳහා පොස්පොලයිපේස්, ලෙසිතිනේස් හා හයලුරොනිඩේස් වැනි එන්සයිම දැරීම.
- ධාරකයාගේ පරිවෘත්තීය ක්‍රියා වෙනස් කිරීමට සමත් DNase වැනි එන්සයිම දැරීම.
ප්‍රචණ්ඩතාව හා ප්‍රචණ්ඩතා සාධක
ප්‍රචණ්ඩතාව
- ව්‍යාධිජනකයාගේ, ව්‍යාධිජනකත්වයේ ප්‍රමාණය ප්‍රචණ්ඩත්වයයි.
- ප්‍රචණ්ඩතාව මගින් ක්ෂුද්‍රජීවීහු ඔවුන්ගේ ව්‍යාධිජනකතාව ප්‍රකාශ කරති. ප්‍රචණ්ඩත්වය වැඩි නම් රෝගය හටගැන්වීමේ හැකියාව ඉහළය.
- සමහර ව්‍යාධිජනකයන් අධික ප්‍රචණ්ඩකාරි වන අතර (උදා: පැපොල වයිරසය) සමහරක් අඩු ප්‍රචණ්ඩකාරිත්වයක්, ප්‍රචණ්ඩ නොවන ස්වභාවයක් දක්වති.
- ව්‍යාධිජනකයන් සතුව ඇති සුලු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධක මඟින් ධාරකයා ආසාදනය කර රෝග ඇති කිරීමේ හැකියාව ඇති කරයි. එවැනි, ප්‍රචණ්ඩතාවයට දායක වන සාධක ප්‍රචණ්ඩතා සාධක ලෙස හඳුන්වනු ලැබේ.
- ප්‍රචණ්ඩතා සාධක මගින් ව්‍යාධිජනකතාව වැඩිදියුණු කරන අතර, ව්‍යාධිජනකයන්ට ධාරක පටක ආක්‍රමණය කර ඝනාවාසීකරණය වී සාමාන්‍ය දේහ ක්‍රියාකාරිත්වයට හානි පැමිණවීමට ඉඩ සලසයි.
- ධාරකයා හා ව්‍යාධිජනකයා අතර ඇති සම්බන්ධතාව ගතිකය. එනම් වෙනස් වන සුලුය. එකෙක් අනෙකාගේ ක්‍රියාකාරිත්වයන් හා කෘත්‍යයන් වෙනස් කරයි.
- එවැනි සම්බන්ධතාවල අන්තඵලය ව්‍යාධිජනකයාගේ ප්‍රචණ්ඩත්වය හා ධාරක ආරක්ෂක යන්ත්‍රණවල කාර්යක්ෂමතාව මත රඳා පවතියි.
ධාරක ආරක්ෂක යන්ත්‍රණ දුර්වල වීමට හේතු
- සිරුරේ පටක වලට හානියක් වූ විට
- දිගු කාලීන ප්‍රතිජීවක භාවිතය
- ප්‍රතිශක්ති මර්ධක ඖෂධ භාවිතය
- අධික වෙහෙස
- මත්ද්‍රව්‍ය භාවිතය , මෙම කරුණු නිසා සිරුරේ සාමාන්‍ය ප්‍රතිරෝධය අඩු වූ අවස්ථා වලදී අවස්ථාවාදී ව්‍යාධිජකයින් ආසාදන ඇති කරයි.
ධාරකයා හා ව්‍යාධිජනකයා අතර ගතික සම්බන්ධතාව
1.
2.
3.
ප්‍රචණ්ඩතා සාධක
- ව්‍යාධිජනකයින් ව්‍යාධිජනකතාව ඇති කිරීමට ප්‍රධාන යන්ත්‍රණ දෙකක් භාවිත කරති.
- ආක්‍රමණතාව
- ධූලකජනකතාව
01. ආක්‍රමණතාව
- ධාරකයාගේ ආරක්ෂණ යන්ත්‍රණ අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරිමේ හා ඝනාවාසීකරණය සඳහා ගුණනය වීමේ හැකියාවයි.
- ව්‍යාධිජනකයන් මඟින් නිපදවනු ලබන බහිඃසෛලීය එන්සයිම ගණනාවක් ආක්‍රමණතාවට හේතු වෙයි.
උදා:
- පොස්පොලයිපේස් – සත්ව සෛල පටල විනාශ කරයි.
- ලෙසිතිනේස් – සත්ව සෛල පටලයේ ලිපිඩවල ලෙසිතීන් සංරචකය ජල විච්ජේදනය කරයි.
- හයලුරොනිඩේස් – සෙල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය වන හයලුරෝනික් අම්ලය බිඳදමමින් දේහ පටක විනාශ කරයි.
- ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීහු,
- සමෙහි ඇති තුවාල
- ශ්වසනමාර්ගය
- ආමාශ හා ආන්ත්‍රික මාර්ගය
- මෞත්‍ර ලිංගික මාර්ගය වැනි ස්වාභාවික විවර හෝ විවිධ ප්‍රවේශ මාර්ග ඔස්සේ අක්‍රිය ලෙස ධාරකයා තුළට ඇතුළු වෙති.
02. ධූලකජනකතාව
- සෙලවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන ධූලක යනුවෙන් හැදින්වෙන ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව ධූලකජනකතාව නම් වෙයි.
- මේවා ප්‍රෝටීන හෝ ලිපොපොලිසැකරයිඩ වන අතර, ධාරකයා කෙරෙහි විශේෂිත වූ හානියක් සිදු කරයි. ඒ නිසා මේවා ජෛව විෂ ලෙස හඳුන්වනු ලැබේ.
- මේවා ආකාර දෙකකි.
අන්තඃධූලක
බහිෂ් ධූලක
අන්තඃධූලක
- අන්තඃධූලක ලිපොපොලිසැකරයිඩ වෙයි.
- ක්ෂුද්‍රජීවී සෛලවල කොටස් වන මේවා තාපස්ථායි ධූලක වෙයි.
- බැක්ටීරියාවන් මිය ගොස් බිත්ති බිඳී වෙන් වූ පසු මේ ධූලක නිදහස් වෙයි.
- ව්‍යාධිජනක විශේෂය කුමක් වුව ද සියලු අන්තඃධූලක එක ම රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
- සීතල, උණ, දුර්වලභාවය හා සාමාන්‍ය කැක්කුම් මේ රෝග ලක්ෂණ වන අතර සමහර අවස්ථාවල දී කම්පනය හා මරණය පවා සිදු විය හැකි ය.
- අන්තඃධූලක ග්‍රෑම් – (සෘණ) බැක්ටීරියාවන් මගින් පමණක් නිපදවෙයි.
උදා: Salmonella typhi න්ගේ සෛල බිත්තිවල ලිපොපොලිසැකරයිඩ
බහිෂ් ධූලක
- බැක්ටීරියා සෙලවල වර්ධනයේ හා පරිවෘත්තියේ කොටසක් ලෙස බහිෂ් ධූලක සෛල තුළ නිපදවී සෛල ජීරණයෙන් පසු ඒවා බාහිර පරිසරයට ශ්‍රාවය හෝ නිදහස් කිරිම සිදු වෙයි.
- බහිෂ් ධූලක ප්‍රෝටීන වෙයි.
- ඒවා වැඩි ප්‍රමාණයක් එන්සයිම ය.
- ඒවාගේ උත්ප්‍රේරක ස්වභාවය අනුව ඉතා ස්වල්ප ප්‍රමාණයක් වුව ද අතිශයින් හානිකර ය.
- මේවා තාප අස්ථායි ප්‍රෝටීන ධූලක වෙයි.
- ජලයේ තැම්බීමෙන් මේවා අක්‍රිය වෙයි.
- බහිෂ් ධූලක බහුතරයක් පොදුවේ ග්‍රෑම් ධන බැක්ටීරියා මඟින් නිපදවන අතර සුළු ප්‍රමාණයක් ග්‍රෑම් සෘණ බැක්ටීරියා මගින් නිපදවයි.
- බහිෂ් ධූලක ආකාර තුනකට වර්ග කර ඇත.
01. නියුරොටොක්සින් – සාමාන්‍ය ස්නායු ආවේග සන්නයනයට බාධා කරයි.
උදා: Clostridium tetani මඟින් නිපදවන විෂ. පිටගැස්ම ඇති කරයි.
02. එන්ටරොටොක්සින් – ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සෛල අසාමාන්‍ය ආකාරයට උත්තේජනය කරයි. වමනය හෝ පාචනය ඇති කරයි.
උදා: Vibrio cholerae මගින් නිපදවන ධූලක. කොළරාව ඇති කරයි.
03. සයිටොටොක්සින් – එන්සයිම මගින් පහර දී ධාරක සෛල විනාශ කරයි.
උදා: Corynebacteriuna diptheriae මගින් නිපදවන ධූලක. කක්කල් කැස්ස හෙවත් ඩිප්තීරියාව ඇති කරයි.
ක්ෂුද්‍රජීවීන් මඟින් මිනිසාට ඇති කරන රෝග
බලපාන අවයවය | රෝගය | ව්‍යාධිජනකයා |
සම | පැපොල රුබෙල්ලා සරම්ප | Herpesvirus varicella-zoster රුබෙල්ලා වයිරසය සරම්ප වයිරසය |
ඇස | අක්ෂි පටල ප්‍රදාහය | Haemophilus influenzae/ Adenoviruses |
ස්නායු පද්ධතිය | බැක්ටීරියා මෙනෙන්ජයිටිස් | Streptococcus pneumonia Haemophilus influenzae Neisseria meningitidis |
ස්නායු පද්ධතිය | පිටගැස්ම ජලභීතිකාව | Clostridium tetani Rabies virus |
හෘත් සනාල පද්ධතිය | රූමැටික උණ | Streptococcus pyogenes |
ස්වසන පද්ධතිය | ක්ෂය රෝගය ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව | Mycobacterium tuberculosis Influenza virus Streptococcus pneumoniae |
ආහාර ජීරණ පද්ධතිය | ආහාර විෂ විම කොලරාව උණ සන්නිපාතය | Staphylococcus aureus Vibrio cholerae Salmonella typhi |
මුත්‍රා පද්ධතිය | ලෙප්ටොස්පයිරෝසියාව | Leptospira interrogans |
ප්‍රජනන පද්ධතිය | ගොනෝරියාව ලිංගික හර්පීස් | Neisseria gonorrhoeae Herpes simplex virus |
ප්‍රතිශක්ති පද්ධතිය | AIDS | Human immune deficiency virus (HIV)- මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය |
අමතර කරුණක්,
|