භූවිද්‍යාත්මක කල්ප (ඉයෝන) සහ පරිණාමික යුග

භූවිද්‍යාත්මක කල්ප (ඉයෝන) සහ පරිණාමික යුග

කල්ප (ඉයෝන):

  • හේඩියන්, ආකියන්, පොටෙරෝසොයික්, ෆැනරසොයික් ලෙස ඉයෝන හතරකි.

යුග :

  • ෆැනරසොයික ඉයෝනයට, පේලියෝසොයික්, මීසෝසොයික් හා සීනොසොයික් ලෙස යුග තුනක් අයත් ය.

(ශිෂ්‍යයන් විසින් භූ විද්‍යාත්මක කල්ප හා පරිණාමික යුග නම් කිරීම පමණක් ප්‍රමාණවත් වන අතර, ඒ යටතේ ඇති අනෙකුත් තොරතුරු අමතර දැනුම සඳහාය.)


ජෛව විවිධත්ව පරිණාමයේ ප්‍රධාන සිදුවීම්

1.හේඩියන් ඉයෝනය

  • පෘථිවියේ උපත

2.ආකියන් ඉයෝනය 

  • පෘථිවි පෘෂ්ඨයේ ආදිත ම පාෂාණය
  • ආදිතම සෛලවල පොසිල (ප්‍රාග්න්‍යෂ්ටික) ඇති වීම
  • වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම ආරම්භ වීම.

3.පොටෙරෝසොයික් ඉයෝනය

  • ඇල්ගී විවිධත්වය හා මෘදුදේහ සහිත අපෘෂ්ඨවංශී සතුන් ඇති වීම.
  • සූන්‍යෂ්ටික සෛලවල පැරණිතම පොසිලය ඇති වීම.

4.ෆැනරසොයික ඉයෝනය 

(i) පේලියෝසොයික යුගය 

  • බොහෝ සත්ව වංශවල විවිධත්වය ශීඝ්‍ර වැඩි වීම.
  • කරදිය ඇල්ගාවන් සුලබ වීම.
  • විවිධ දිලීර, ශාක හා සතුන්ගේ භෞමික ගණාවාසීකරණය.
  • සනාල ශාක විවිධාංගීකරණය.
  • අස්ථික මත්ස්‍යයන්ගේ විවිධාංගීකරණය, මුල් ම සිවුපාවුන් හා කෘමීන් බිහි වීම.
  • උභයජීවීන් ප්‍රමුඛ වීම.
  • සනාල ශාක සහිත වනාන්තර බහුල වීම.
  • ප්‍රථම බීජ ශාක බිහි වීම.
  • උරගයන් බිහි වීම හා විකිරණය.
  • බොහෝ වර්තමාන කෘමි කාණ්ඩ බිහි වීම.
  • බොහෝ කරදිය හා භෞමික ජීවීන්ගේ නෂ්ට වීම.
  • ආදි සනාල ශාක විවිධාංගීකරණය.

(ii) මීසොසොයික යුගය

  • කේතුධර ශාක (විවෘත බීජක) ප්‍රමුඛ වීම.
  • ඩයිනෝසරයන් පරිණාමය සහ විකිරණය.
  • ක්ෂිරපායීන්ගේ සම්භවය.
  • ප්‍රමුඛ ශාක ලෙස අඛණ්ඩව ම විවෘත බීජ ශාක පැවතීම.
  • ඩයිනෝසරයන් ප්‍රමුඛ වීම, බහුල වීම හා විවිධත්වය ඇති වීම.
  • සපුෂ්ප ශාක බිහි වීම හා විවිධාංගීකරණය.
  • ඩයිනෝසරයන් ඇතුළු බොහෝ ජීවී විශේෂ නෂ්ට වීම.

මුල්ම ක්ෂීරපායි ආකාරය ලෙස සලකන්නේ මෙම හික් මී ආකාරයයි.

(iii) සිනෝසොයික යුගය

  • ක්ෂිරපායීන්, පක්ෂීන් හා පරාගණ කාරක කාමීන්ගේ ප්‍රධාන විකිරණය
  • සපුෂ්ප ශාකවල ප්‍රමුඛ වීම, ඉහළයැම හා විකිරණය තවදුරටත් සිදු වීම හා ඉහළ යෑම.
  • බොහෝ වර්තමාන ක්ෂීරපායි ගෝත්‍ර විකිරණය.
  • බොහෝ ප්‍රයිමේටා කාණ්ඩවල සම්භවය.
  • ක්ෂිරපායීන් හා සපුෂ්ප ශාකවල විකිරණය තවදුරටත් සිදු වීම, ආදිතම මානව පූර්වජයා බිහි වීම.
  • පාද මානව පූර්වජයා බිහි වීම.
  • හෝමෝ ගණය බිහි වීම. (Genus Homo)

අමතර කරුණක්:යුග තවදුරටත් අවධි(Periods) වලටද බෙදා ඇති නමුත්  ඒවා විෂය නිර්දේශයේ සඳහන් නොවේ.