විනාඩි 25
Lesson Progress
0% Complete
මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකුලතා හා අසාමාන්‍යතා කිහිපයක්
අස්ථි වෛවර්වය (ඔස්ටියෝපොරෝසිස්)
- මේ සංකුලතාව අස්ථි තැන්පත් වීමේ වේගය ඉක්මවා අස්ථි ප්‍රතිශෝෂණය වීම හේතුවෙන් අස්ථිවල ඝනත්වය අඩු වීම හා සම්බන්ධ තත්ත්වයකි.මෙමඟින් අස්ථි පටක ක්ෂය වී ගොස් කැඩෙන සුලු බවක් ඇති කරයි.
- මේ තත්ත්වය මඟින් සන්ධි චලන හැකියාව අඩු වන අතර අස්ථිවල වේදනාව, අස්ථි බිඳීම් හා කංකාල විරූප්‍යතා ඇති විය හැකි ය.
- අස්ථි වෛවර්වය සඳහා හේතු ලෙස හෝමෝන අසමතුලිතතා (විශේෂයෙන් ආර්තවහරණය), කැල්සියම් අඩු බව හා පාරිසරික සාධක දැක්විය හැකි ය.
ඔස්ටියෝ ආතරයිටිස් (අස්ථි පර්වදාහය)
- අස්ථිවල ඇති වන ප්‍රදාහික නොවන අස්ථි ක්ෂය වී යෑම මෙසේ හැඳින්වේ. මෙම තත්ත්වය මඟින් වේදනාව ඇති කරන අතර, මෙයට භාජනය වූ සන්ධියේ චලන සීමාකාරි වේ.
- සන්ධිවල සන්ධාන කාටිලේජ ක්‍රමයෙන් තුනී වී අස්ථි ක්ෂය වේ. එවිට අස්ථි එකිනෙක ස්පර්ශ වීමෙන් අස්ථි ක්ෂය වී යයි. එමඟින් වේදනාව හට ගනී.
- ඔස්ටියෝ ආතරයිටිස් ඇති කරන හේතු දැනට සොයා ගෙන නැත.
- එහෙත් අවදානම් සාධක ලෙස සන්ධිවල අධික භාවිතය, ස්ත්‍රී ලිංගිකභාවය, වයස්ගත වීම, ආවේණිය සහ ස්ථුලතාව දැක්විය හැකි ය.
මඬල ලිස්සීම (Slipped disc)
- කශේරුවේ අනුයාත කශේරුකාවල දේහ වෙන් කරමින් ඒවා අතර අන්තර් කශේරුකා මඬල පිහිටයි. එය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරයි.
- මේ අන්තර් කශේරුකා මඬලක් පිටතින් (පර්යන්තයේ) කාටිලේජනීය මුදුවකින් ද එහි මධ්‍ය කුහරය මෘදු ජෙලටීනමය ද්‍රව්‍යයකින් ද තැනී ඇත.
- දුර්වතාවක් හෝ තුවාලයක් ඇති වූ විට අන්තර් කශේරුකා මඬලේ අභ්‍යන්තර කොටස බාහිරින් ඇති මුදුව තුළින් පිටතට නෙරා එයි. මේ තත්ත්වය මඬල ලිස්සීම නම් වේ.
- එමඟින් වේදනාව හා අපහසුතාවක් දැනේ. තව ද මේ තත්ත්වය මඟින් සුෂුම්නාව තෙරපීමකට ලක් වුව හොත් හානි වූ ස්නායුව දිගේ වේදනාව හා හිරිවැටීම් ඇති වේ.
- දණහිස්වලින් නොනැමී අධික බර එසවීමේ දී මඬල ලිස්සා යෑම ඇති විය හැකි ය.