විනාඩි 15
Lesson Progress
0% Complete
මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රධාන සන්ධි වර්ග
ප්‍රධාන සන්ධි වර්ග ලෙස, ගෝල – කුහර සන්ධි , අසව් සන්ධි හා විවර්තන සන්ධි හැඳින්විය හැකිය.
ගෝල-කුහර සන්ධි
උරහිස් සන්ධිය
- කෝප්පාකාර කුහරයක් සමග ගෝලාකාර හිසක් සම්බන්ධ විම මේ වර්ගයේ සන්ධිවල දැකිය හැකි ය.
- එමඟින් පුළුල් පරාසයක චලන සඳහා අවස්ථාව සැලසේ. එනම්: සම්මිංජනය, ප්‍රසර්ජනය, අභිනයනය, අපනයනය, භ්‍රමණය හා පරිනයනයයි.
- මානව දේහයේ පවතින ගෝල-කුහර සන්ධි සඳහා උදාහරණ දෙකක් දැක්විය හැකි ය.
- ඒවා නම්: උරහිස් සන්ධිය හා උකුළු සන්ධියයි (පූර්ව හා අපර ගාත්‍රා අධ්‍යයනය කරන්න).
අසව් සන්ධි
වැලමිට සන්ධිය
- දොරක අසව්වක් ලෙස අස්ථි් වල සන්ධාන කෙළවර එකිනෙක යා වී ඇත.
- මෙහි දී සීමාසහිත චලනවලට ඉඩ සලසා දේ. එනම්: සම්මිංජනය හා ප්‍රසර්ජනයයි.
- මේ සඳහා උදාහරණ ලෙස වැලමිට සන්ධිය, දණහිස් සන්ධිය, වළලුකර සන්ධිය හා පතුලේ හා අත්ලේ ඇඟිලිවල ඇඟිලි පුරුක් සන්ධි දැක්විය හැකි ය (පූර්ව හා අපර ගාත්‍රා අධ්‍යයනය කරන්න).
විවර්තන සන්ධි
අරාස්ථිය හා අන්වරාස්ථියේ අවිදුර කෙලවර එම අස්ථි දෙක අතර ඇති සන්ධිය
දන්තාකාර ප්‍රසරය හා ඇට්ලසය අතර සන්ධිය
- බන්ධනියක් මඟින් එක් අස්ථියක් ඒ බන්ධනිය මඟින් තැනුණු මුදුව තුළ වෙනත් අස්ථියකට ආසන්නව රඳවා ගෙන එම රඳවා ගත් අස්ථිය භ්‍රමණය වීම මෙහි දී සිදු වේ.
- මේ සන්ධි මඟින් අස්ථියක් හෝ ගාත්‍රයක් භ්‍රමණය වීමට සලස්වයි.
- උදාහරණයක් ලෙස හිස භ්‍රමණය කිරීම, එහිදී අක්ෂ කශේරුකාව තිරස් බන්ධනීමය මුදුවක් මඟින් එහි දන්තාකාර ප්‍රසරය ඇට්ලසය සමඟ රඳවා හිස භ්‍රමණයට ඉඩ සලසයි.
- අරාස්ථිය හා අන්වරාස්ථියේ අවිදුර කෙලවරද එම අස්ථි දෙක අතර විවර්තන සන්ධියක් පවතී.